Colombo Today Local News

15 හැවිරිදි දැරිය අපයෝජනයට උප පොලිස් පරීක්ෂක සහ බැංකු කළමනාකාරවරයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

වින්දිත දැරියගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනයට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

මෙම සිද්ධියට අදාළව 28 සහ 29 සැකකරුවන් ලෙස මොවුන් අද (11) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම සිද්ධියේ 12 වැනි සැකකරු ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මේ වන විට එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනගාර ගත කර ඇත.

Related posts

උප්පැන්න සහතිකයේ අංකයට ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීම අද සිට

colombotoday

සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයට එක්වෙයි

Admin

ඉන්දීයාවේ පෙට්‍රල් රැගත් නෞකාවක් කොළඹට

colombotoday

“ජනපති-අගමැති කියනවනම් මම ඉල්ලා අස්වෙනවා” – බදියුදීන්

colombotoday

ප්‍රදේශ රැසක බස් රථ ධාවනයෙන් වෙයි

colombotoday

මුල්ලේරියාව කතගේ හිස, අත් පා කඳින් වෙන් කළ ඝාතකයා අත්අඩංගුට

Admin