Colombo Today Local News

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, කෑගල්ල පොලිස් වසමේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 03 කොටස හුදකලා කර තිබේ.

මීට අමතරව මෙතෙක් හුදකලා තත්ත්වයේ පැවති ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරිණි.

ඒ අනුව, පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ පොලිස් වසමේ මරක්කලම

ආරච්චිකට්ටුව පොලිස් වසමේ කුරුක්කුපානේ යන ප්‍රදේශ හුදෙකලා බවින් ඉවත් කෙරිණි.

මාතර, වැලිගම පොලිස් වසමේ පැලෑන දකුණ ප්‍රදේශයේ හුදෙකලා තත්ත්වය ද, මේ වනවිට ඉවත් කර තිබේ.

මීට අමතරව, යාපනය කරවෙඩ්ඩි පොලිස් වසමේ කරණවායි ප්‍රදේශය ද, හුදෙකලා බවින් අද උදෑසන ඉවත් කෙරිණි.

කළුතර, මතුගම පොලිස් වසමේ යටදොල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ අබේතැන්න වත්ත ප්‍රදාන කොටස සහ අබේතැන්න වත්ත ක්ලේ කොටස ද, හුදකලා බවින් නිදහස් කර තිබේ.

Related posts

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ3 ඉක්මවයි..

Admin

වෘත්තිය සමිති රැසක් අදත් වර්ජනයේ

colombotoday

“දෙමළ/මුස්ළිම් ජනතාවට අයිවාසිකම් ලැබී නෑ.. ආයුධ ගෙන ඔවුන් සටන් කළේ ඒ නිසයි“ – චන්ද්‍රිකා

colombotoday

අයවැයට පෙර IMF නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර හමුවක්…

colombotoday

තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්

Admin

කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කරයි

colombotoday