Colombo Today Local News

හමුදාවේ 4 දෙනෙක් පුද්ගලයෙකුව පැහැරගෙන හිහින් – හමුදාපති තුමාගෙන් නියෝගයක්

නොරොච්චෝලේ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දී අතරමග දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා කපිතාන්වරයකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

යුද හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන නොරොච්චෝලේ පොලිසියට බාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (4) පැවසීය.

කපිතාන්වරයාට අමතරව කෝප්‍රල්වරයකු සහ ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනකු සිටින බවත් මොවුන් කල්ලාර් යුද හමුදාවට කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පිරිසක් බවද අජිත් රෝහණ මහතා සඳහන් කර සිටී.

ඉකුත් 30 දින සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද හමුදා සෙබලකු අත්අඩංගුවට ගෙන තිබිණි.

පුද්ගලික ආරවුලක් මත පුද්ගලයකුගේ පෙළඹවීමක් අනුව මොවුන් මෙම සිද්ධිය සිදු කර ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

ව්‍යාජ වෙබ් අඩවියක වීසා ජාවාරමෙක් කොටු වෙයි

Admin

පියා අවුරුදු දෙකේ, හතේ දරු දෙදෙනා කපා කොටා මරා ඔහුත් දිවි නහගෙන

Admin

බාල වයස්කාර දැරියක් දූෂණය කර මරා දමා සැඟව සිටි සැකකරු අත්අඩංගුවට

colombotoday

ආර්ථිකය විතරක් ගොඩ දාලා ඵලක් නෑ

Admin