Covid 19

එකම පවුලේ මව, පියා, පුතු කොරෝනා බිලි ගයි

කොවිඩ් ආසාදනයෙන් පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකු මියගිය සංවේදී පුවතක් වාර්තා වෙයි.

එම පවුලේ 72 හැවිරිදි පියා ,70 හැවිරිදි මව සහ 38 හැවිරිදි ඔවුන්ගේ පුත්‍රයා මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

කොවිඩ් ආසාදනයත් සමග මොවුන් තිදෙනාටම අවස්ථා කිහිපයකදී ශ්වසන අපහසුතා හටගෙන තිබේ.

මීට අමතරව එම පවුලේ සෙසු සාමාජිකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් තිදෙනා මේ වනවිට පැණිදෙනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ.

එකම පවුලේ 3 දෙනෙකු මිය ගියේ කෙසේද යන්න අනිවාර්යයෙන් සොයා බැලිය යුතු කරුණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් වැළැක්වීමට රජය හැටියට, සෞඛ්‍ය සේවය හැටියට සහ පවුලක් හැටියට ගතහැකිව තිබුණු පියවර ගෙන තිබුණා ද නැතිනම් නොසැලකිල්ලක් සිදුව තිබුණා ද කියලා සොයාබැලිය යුතු වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි

Related posts

පස්සර ප්‍රධාන පාසලක සිසුන් 10කට කොරෝනා

colombotoday

නව ආසාදිතයින් 305ක්

colombotoday

පැතුම් නිශ්ශංකට කොවිඩ්

colombotoday

දැනට නව ආසාදිතයින් 2,825ක්

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවයි

colombotoday

කොවිඩ් යළි හිස ඔසවයි – ආසාදිතයින් 62ක් හඳුනාගනී

colombotoday