Colombo Today Local News

විපක්ෂ නායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනපතිවරයා අද (25)දින ජාතිය අමතමින් සිදු කිරීමට නියමිත ප්‍රකාශයේදී ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන ගැටලු කිහිපයකට විසඳුම් දෙනු ඇතැයි, අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මේ වනවිට ජනාතාව බරපතළ ලෙස මුහුණදී සිටින ගැටලු 6 කට එහිදී විසඳුම් දෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි.

🔺 පැවති මිලට ම ඉන්ධන මිල ගණන් පහත දැමීම.
🔺 පොහොර භාවිතය වෙනස් කිරීම සැලසුම් සහගතව සිදු කිරීම සහ ඉදිරි කන්න සඳහා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දීම.
🔺 එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් ධීවර ජනතාවට සිදු වූ හානිය වෙනුවෙන් ස්ථීරසාර සහානාධාර වැඩපිළිවෙළක් සැකසීම සහ නෞකා අනතුරෙන් විනාශ වූ පරිසර පද්ධතිය යළි සංරක්ෂණය කිරීම.
🔺 ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නොමැතිව පීඩාවට පත් දරුවන් වෙනුවන් ඉතා කඩිනම් විසඳුම් ලබා දීම.
🔺 කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනයට නිසි පියවර ගැනීම (එන්නත්කරණය කඩිනම් කිරීම, සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම, රෝහල් පහසුකම් වැඩි කිරීම, PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම).
🔺 කඩා වැටී ඇති ජන ජීවිත ගොඩනගන්නට ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දීම.

Related posts

Video – තනපටයට කොමිසමක් දාන්න හදන ආණ්ඩුවට බොදු බලෙන් අභියෝගයක්!

colombotoday

විභාග මධ්‍යස්ථාන වෙත යන්න අපහසුතා ඇති මාතර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Admin

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday

සතියට වැඩ කරන වේලාව වැඩි කර දවස් ගණන අඩු කරන්න යෝජනාවක්

colombotoday

65ක කාන්තාවක් පොල් අතු නිවසක පිලිස්සි මියයයි

Admin

පාස්කු ප‍්‍රහාරයට සැකපිට බදුර්දින්ගේ නීතිඥ්ඥයා හිජාස් හිස්බුල්ලාත් අත්අඩංගුවට

colombotoday