අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි එම තනතුරෙන් ඉවත් වී තිබේ.
පෞද්ගලික අවශ්‍යතාවයක් මත තමා එම ධුරයෙන් ඉවත් වන බවට ලිපියක් මඟින් ඔහු දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කුයි ටියැන්කායි අමෙරිකාවේ චීන තානාපතිවරයා ලෙස වසර අටක් සේවය කර ඇති අයෙකු වේ.
ඔහු මේ වන විට යළි චීනයට පැමිණ ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.