Colombo Today Local News

රේගුවේ ජීප් රියක් මුහුදට කරනම් ගහලා

කොළඹ වරාය ආසන්නයේ ඊයේ (18)දින රාත්‍රීයේ ජීප් රථයක් මුහුදට වැටී අනතුරට ලක්ව තිබේ.

කොළඹ වරාය පොලීසිය පැවසුවේ අලෝකය මදිකමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රේගු දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයක් බව පොලීසිය පැවසීය.

අනතුර සිදුව අවස්ථාවේ එම ජීප් රථය ධාවනය කර ඇත්තේ රේගුවේම රියදුරෙකු බවට ද තොරතුරු වාර්තා වේ.

අනතුරින් ජීප් රථය මීටර 15ක් පමණ ගැඹුර දියේ ගිලී ගොස් තිබේ.

අනතුරුව නාවික හමුදාව විසින් ජීප් රථය ගොඩගැනීමට කටයුතු කර තිබේ.

තුවාල ලැබූ රියදුරු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

බදු සහන දීම ගැන රජය සාකච්ඡා කරයි

Admin

පුජිතට සහ නාලකට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ජාතික පොලිස් කොමිෂන් සභාවට

colombotoday

බොරැල්ල කනත්තෙන් ගොඩ එන මළ මිනී

colombotoday

ශාන් විජයලාල් සජබයට එක් වෙයි

Admin

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

මධූෂ්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා.. අත්අඩංගුවට ගැනීම වලක්වන්න – පුංචිඅම්මාගෙන් පෙත්සමක්

colombotoday