World

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

චීනයේ මිලිටරි තර්ජන සම්බන්ධයෙන් නේටෝ සංවිධානය අනතුරු අගවා තිබේ.

ඒ, බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැවති නේටෝ සමුළුවේදීයී. එම සංවිධානයේ නායකයින් එහිදී පෙන්වා දී ඇත්තේ චීනයේ හැසිරීම් විලාශය අභියෝගයකට වී ඇති බවයි.

චීනය සිය න්‍යෂ්ටික අවි ගබඩා වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටින බවත්, එය විනිවිදභාවයෙන් තොර බවත් ඔවුන් පෙන්වාදී තිබේ.

නේටෝ සංවිධානයේ ප්‍රධානී ජේන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසා ඇත්තේ චීනයේ හමුදාමය සහ තාක්ෂණිකමය හැකියාව නේටෝ සංවිධානයට අයත් රටවල්වල හමුදාමය හැකියාවන්ට සමාන බවයි. එහෙත් චීනය සමග සීතල යුද්ධයක් අනවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

යුරෝපා සහ උතුරු අමෙරිකානු රටවල් 30 ක් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දරයි.

Related posts

ඉස්ලාම් අන්තවාදීන්ගේ චින්තකයෙකු වන යුසුෆ් අල් කර්දාවි දෙස දෙවියන් නොබලයි. | කොරෝනා වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ගනියි.

colombotoday

ට්විටර් සමාගම ගෙවිම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය ඉවත් කරයි

Admin

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

Admin

මගියෙකුගෙන් ගුවන් නියමුවෙක් ගුටි කයි

Admin

විශේෂ බුද්ධි මෙහෙයුමකදී ත්‍රස්ත ප්‍රහාර 30ක මහ මොලකරු මරුට

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ලොක්කාගේ පුතාත් මරුට

colombotoday