Colombo Today Local News

ඵලදාව අඩු වීමෙන් ඉදිරියේදී එළවළු මිල ඉහළට

පැවැති අයහපත් කාලගුණය හා රට තුළ රසායනික පොහොර හිඟ වීම නිසා ඉදිරි සති කිහිපය තුළ උඩරට හා පහත රට එළවළු හිඟයක් සමග මිල ඉහළ යනු ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුරුම්කරු නාමල් කරුණාරත්න පවසයී.

පසුගිය දිනවල බලපෑ ‘ටවුටේ’ හා ‘යාස්’ සුළි සුළං තත්ත්වය හේතුවෙන් එළවළු වගා කළ බිම් විශාල වශයෙන් විනාශ වී තිබේ. ඊට අමතරව රසායනික පොහොර හා කෘමිනාශක වෙළෙඳපොළේ නොමැති වීමෙන් බොහොමයක් එළවළු නියමිත ඵලදාව ලබා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව නාමල් කරුණාරත්න පැවසීය.

‍පසුගිය දිනවල බලපෑ ‘ටවුටේ’ හා ‘යාස්’ සුළි සුළං තත්ත්වය හේතුවෙන් එළවළු වගා කළ බිම් විශාල වශයෙන් විනාශ වී තිබේ. ඊට අමතරව රසායනික පොහොර හා කෘමිනාශක වෙළෙඳපොළේ නොමැති වීමෙන් බොහොමයක් එළවළු නියමිත ඵලදාව ලබා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව නාමල් කරුණාරත්න පැවසීය.

“කාබනික පොහොර වගාවට හඳුන්වාදීම හොඳයි. එය කළමනාකරණය නොකර හිටිඅඩියේ ගත් තීරණයක් නිසා වෙළෙඳපොළේ තිබුණු පොහොර හා කෘෂි රසායනික සඟවා වැඩි මිලකට අලෙවි කිරීම නිසා ගොවීන් දැඩි ගැටලුවකට ලක්වෙලා. එළවළු දින 45ක වැනි කෙටි කාලීන භෝගයක් නිසා පොහොර නිසි වේලාවට නොදැමීමෙන් නියමිත අස්වැන්න ලබා ගන්න බෑ. විශේෂයෙන් උඩරට එළවළුවලට අනිවාර්යයෙන්ම පොහොර හා කෘමිනාශක අවශ්‍ය වෙනවා. ඉදිරියේ දී ඵලදාව අඩු වීමෙන් එළවළු මිල වැඩි වීම වලක්වා ගන්න බැහැ” යැයි ද ඔහු සඳහන් කළේය.

Related posts

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලි දිනා ගනී

Admin

බලහත්කාරය නවතා ගැටළුව විසදන්නැයි වෘත්තිය සමිති කියයි

colombotoday

“ආර්ථික කාරණේදී රාජපක්ෂ ආණ්ඩුව ධන, මේ ආණ්ඩුව සෘණ“ – ඇමති ඩිලාන්

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ නවක නේවාසික නර්තන ශිල්පීන් කලඑලි බසී

Admin

ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරණායක !

colombotoday

ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

colombotoday