6 April 2025
Colombo Today Local News

“කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත” ලබන මස මුල පාර්ලිමේන්තුවට

කොවිඩ් වසංගත සමයේදී ජනතාවට සහන සැලසීම තහවුරු කිරීම සඳහාවු “කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත” පාර්ලිමේන්තුවට ලබන මස මුල් සතියේදී ඉදිරිපත් කෙරෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

කොවිඩ් වසංගත කාලපරිච්ඡේදයේදී ඉටු කර ගැනීම මගහැරෙන යම් යම් ප්‍රශ්න පසුකාලීනව හෝ ඉටුකරගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසීම නීතියෙන් තහවුරු කිරීම හා වසංගත කාලයේදී ඔන්ලයින් ක්‍රමයට නඩු ඇසීමේ ක්‍රමවේදය නිත්‍යානුකුලව තහවුරු කිරීම යනාදීවු අරමුණු රැසක් මෙම පනත් කෙටුම්පත මගින් ඉටු කර ගැනීමට බලාපොරොත්තුවන බවද අධිකරණ ඇමතිවරයා කියයි.

පනත් කෙටුම්පත දැනට සකස් කර අවසන්ව ඇතැයිද එය ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද අලි සබ්රි මහතා සඳහන් කරයි.

කොවිඩ් පාලනය කිරීම සඳහා සහ කොවිඩ් කාල පරිච්ඡේදයේදී ජනතාවට සහන සැලසීම සඳහා නීති ඇතුළත් ගැසට් නිවේදන ගණනාවක් ද රජය පසුගිය කාලයේදී නිකුත් කළේය.

Related posts

විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනී.. වසරක් ඇතුළත බැදුම්කර ආයෝජන දෙගුණයකින් පහළට

colombotoday

කුසල්ට ඇප.. රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග

colombotoday

ඉදිරි සතියේදී ළමා රෝහලේ කටයුතුත් අඩාළ වෙයි

colombotoday

අද සිට යළි විදුලිය කැපෙයි

colombotoday

මුව ආවරණ මිල 30%කින් ඉහළට.

colombotoday

හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්

Admin