Colombo Today Local News

තිරිඟු පිටි මුවාවෙන් ගෙන්වූ ලක්ෂ 64ක උඳු පිටි තොගයක් රේගු දැලේ

නීතිවිරෝධීව තිරිඟු පිටි ලෙස මවාපාමින් මෙරටට ආනයනය කළ උඳු පිටි තොගයක් ඊයේ (21)දින සිය භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වාප්පු ලිපිකරුවකු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

රුපියල් ලක්ෂ 64ක් පමණ වටිනා උඳු පිටි තොගයක් මෙලෙස නීතිවිරෝධී ලෙස ආනයනය කර ඇති බව අනාවරණය වී තිබේ.

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ බහාලුම තුළ රුපියල් 10,77,000ක් වටිනා තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 18,000ක් තිබෙන බව ආනයනයකරුවා විසින් රේගුවට සඳහන් කර ඇත. කෙසේ නමුත් අදාල බහාලුම විවෘත කර ඊයේ (21)දින පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී උඳු පිටි කිලෝ ග්‍රෑම් 15,060ක් අඩංගු මලු 502ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

Related posts

ඩලස්ගේ තැනට, ලක්ෂමන් යාපා – බන්ධුලගේ තැනට තිලකසිරි

colombotoday

දිවුරුම්දීම ඇරඹෙයි.. දුමින්දගේ, අමරවීරගේ ඇමතිකම් මාරුවෙයි

colombotoday

ඇමති මංගලට එරෙහිව මීගමුවේ කතෝලිකයන් වීදි බසී

colombotoday

දෙරණ වැරදි කරුවවූ, අර්ථය විකෘති කළ වීඩියෝව මෙන්න

colombotoday

“මේ ජාතික කොඩිය අපි පිළිගන්නෑ.. එය වහා වෙනස් විය යුතුයි” – සේනාධිරාජා

colombotoday

එජාපය ට ගම දෙන්න.. රටටම සෞභාග්‍ය උදා කරනවා – අගමැති

colombotoday