Colombo Today Local News

කොවිඩ් ආසාදිතව මිය ගිය සේවකයාගේ බිරිදට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රැකියාවක්

’කොවිඩ්’ ආසාදිතව මරණයට පත්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ කින්නියා විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ රියදුරුගේ බිරිඳට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදුසු රැකියාවක් ලබාදෙන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

දෙදරු පියකු වන එම රියදුරුගේ යැපෙන්නන් සඳහා සියලු දීමනා ලබාදෙන බවත් ඔහුගේ පවුලේ සුබසාධනය සඳහා ඉදිරියටත් කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියයි.

මරණයට පත්වූ 40 හැවිරිදි රියදුරු ලංකා විදුලිබල මණ්ඩලයේ වසර 20 ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.

Related posts

කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම චීන ආයෝජකයින් දිවයිනට

Admin

මහවිල මූකලාන රක්ෂිතයේ අක්කර 30ක වසර සිය ගණනක් ඉපැරණි ගස් කපා විනාශ කරයි

colombotoday

ගිංතොට ගැටුම පිටුපස එජාප හිටපු මන්ත්‍රී හුසේන් නියාස්.. ඇමතිවරයෙකුටත් චෝදනා !!

colombotoday

සහරාන්ට කඬේ ගිය ටියුෂන් සර් රිමාන්ඩ්… ශිෂ්‍යාවන් වැසිකිළි යන විටත් වීඩියෝ කරලා

colombotoday

අපයෝජන සිදුවීමකට පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

සිගරට්වලට වඩා බීඩි හොදායි – ඇමති රාජිත

colombotoday