Colombo Today Local News

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගුයි | සෞඛ්‍ය උපදෙස් අනුව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් කොළඹ ගංගාරාමයේදී

රාජ්‍ය වෙසක් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් ලෙස මෙම 24 වැනිදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ප්‍රකාශ කරන්නේ පවතින සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගෙන ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් පවුලේ සියලු දෙනා සමග නිවසේ සිට මෙවර වෙසක් උත්සවය සමරන ලෙසයි. දිවයිනේ සියලු නගර, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ නිවාස බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන අයුරින් වෙසක් සැරසිලිවලින් අලංකාර කරන ලෙසද ඉල්ලා සිටී.

යාපනය, නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය, පවතින කොවිඩ් ව්‍යාප්තිය නිසා අවලංගු කළ බැවින් මෙසේ එය සංකේතාත්මකව කොළඹදී පැවැත්වීමට කටයුතු කරන බවද ලේකම්වරයා ප්‍රකාශ කර සිටී.

කෙසේ වෙතත් වෙසක් උත්සවයට සමගාමීව යාපනය කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ක්‍රියාත්මක කළ සියලු සංවර්ධන කටයුතු හා අඩු ආදායම්ලාභී පවුල් සහ පාසල් දරුවන් වෙනුවෙන් සූදානම් කළ ප්‍රජා සත්කාර වැඩසටහන් අදියර වශයෙන් ක්‍රියාත්මක කරන බවද ලේකම්වරයා කියා සිටී.

Related posts

දේශපාලන ප්‍රභූන් අත්අඩංගුවට ගැනීම විධිමත් කරන්න පාර්ලිමේන්තු කමිටුවක් !

colombotoday

පස්සේ සගවා ගත් රත්‍රන් එක්ක ඇඹරෙද්දී කෝටි 17ක රත්තරන් කටුනායකදී මාට්ටු

colombotoday

පොහොට්ටුවේ සහය පක්ෂයේ අපේක්ෂක ඩලස්ට

colombotoday

FCIDය නීත්‍යානුකූලයි – අධිකරණය තීන්දු කරයි

colombotoday

බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයේදී මාධ්‍යට කී කතාව (Video)

colombotoday

ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday