Colombo Today Local News

රමළාන් දින දේශනා පැවැත්වීමට තබ්ලිග් පුජකයන් තෝරාගෙන. | සාම්ප්‍රධායික මුස්ලිම්වරුන් විරෝධය දක්වයි.

මුස්ලිම් ජනතාවට මෙවර රමළාන් උත්සවය සදහා පල්ලි වලට යෑමට නොහැකි වීම හේතුවෙන් ඒ සදහා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව මැදිහත් වී රමළාන් උත්සව ආගමික පුජාව පැවත් විමට සුදානම් කර තිබෙනවා. අදාළ පුජාව වසන්තම් සහ ශක්ති රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු සුදානම් කර ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන මෙම පුජාව සඳහා තබ්ලිග් ජමාත් පුජකයන්ට අවස්ථාව ලබා දීම පිළිබඳව සම්ප්‍රධායික මුස්ලිම් ප්‍රජාව නොසතුටකින් සිටින බව වාර්තා වෙනවා.

මෙම දේශානාව සිදුකරනු ලබන්නේ සමස්ත ලංකා උලමා සභාවේ ලේකම් අර්කම් නුරමිත් වන අතර ප්‍රාර්ථනාව සඳහා සයිඩ් නමැති කොල්ලුපිටි පල්ලියේ තබ්ලිග් පුජකයෙකු තෝරාගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

ඊද් උත්සව නැමදුම සඳහා තෝරාගෙන ඇත්තේ නිමල් පාර සාවියා ඉස්ලාම් දේවස්ථානයයි. එය කලකට ඉහතදී සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ පල්ලියක් වන අතර තබ්ලික් අන්තවාදීන් විසින් බලහත්කාරකමින් මුස්ලිම් පාතාලයේ සහය ඇතිව අත්පත් කර ගත් බවට ද සම්ප්‍රධායික මුස්ලිම් වරුන්ගේ චෝදනාවක් තිබේ.

Related posts

වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු 3 දෙනෙකු හෙරොයින් සමග අල්ලයි

colombotoday

පුවතක් ගැන ප්‍රශ්න කරලා මාලිමාවෙන් මාධ්‍යවේදියාට පහර දීමක්

Admin

ග්‍රාම නිලධාරීවරයෙක් මහ මග කපාකොටා ඝාතනය කරයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මැතිවරණ සටන අනුරපුරෙන් අරඹයි

colombotoday

බදියුදීන් හරි, ඔහුට චෝදනා කිරීම වැරදියි – ජෝන්, කිරිඇල්ල බදියුදීන් වෙනුවෙන් හිටගනී…

colombotoday

මෛත්‍රී ගොඩගියේ එජාප ඔරුවේ නැගලයි – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday