Covid 19

පුඩළුඔය ඇඟලුම් කර්මාන්ත ශාලාවක 69කට කොරෝනා අසාදනය වෙයි

පුඩළුඔය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක නිලධාරින් සහ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා තිබේ.

එම ආයතනයේ අසාදිතයන්ගේ ආශ්‍රිතයින් ස්වයං-නිරෝධානයට යොමුකිරීමට පියවරගත් බව කොත්මලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පැවසිය.

එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 850 දෙනෙකු පමණ සේවය කරන බවත්, ඉන් 799 දෙනෙකු ඊයේ (10)දින රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කර තිබේ.

ආසාදිතයන් අතර රියදුරෙකු ද සිටින බවත්, ආසාදිතයන් කිහිපදෙනෙකු දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවල අය බවත්, අසාදිතයන් වැඩි පිරිසක් තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔහු කීය.

Related posts

අද කොවිඩ් ආසාදිතයින් 648 ක්

colombotoday

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ 7කට කොවිඩ්

colombotoday

බණ්ඩාරගම ග්‍රාම නිලධාරිනියකට කොවිඩ්

colombotoday

දිස්ත්‍රික්ක 6ක කොවිඩ් තත්වය දරුණු වෙයි.

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday