Colombo Today Local Newsfeatured

මුස්ලිම් අන්තවාදී කි‍්‍රයා ගැන උපදෙස් දීමට අසමත් වෙලා. | නි. සොලිසිටර් ජනරාල් අසාත් නවාවිට විනය පියවර ගන්න. | රා.සේ කොමිසම නීතිපතිට දන්වයි

සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන්ගේ අන්තවාදී කි‍්‍රයා හා ඒ සඳහා ආධාර අනුබලදීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට පොලිසිය ඉදිරිපත් කළ විමර්ශන ගොනුවක් නිසිලෙස අධ්‍යයනය කර පොලිසියට උපදෙස් ලබාදීමට අපොහොසත් වීමෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාත් නවාවි මහතා ආයතන සංග‍්‍රහය යටතේ ගැනෙන අකාර්යක්‍ෂමතාවය නමැති වැරැුද්ද සිදුකොට ඇති බැවින් ඔහුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා නීතිපතිවරයාට දැනුම් දී ඇත.

අසාත් නවාවි මහතා තමන් භාරයට පත්ව තිබූ ඊඊආර් 8/2017 දරන විමර්ශන ගොනුව අධීක්‍ෂණය කිරීමට අසමත් වීමෙන් සහ එම ගොනුව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ජනරජයේ පොලිස් දෙපාර්තමේන්තුව වෙත නීතිපතිවරයා වෙනුවෙන් ලබාදිය යුතු උපදෙස් ලබාදීමට අපොහොසත් වීමෙන් ආයතන සංග‍්‍රහයේ එක්ස් එල්. බී. III උපලේඛනය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි ද අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් යොමු කළ ලිපියක් මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම්දී ඇත.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ මලික් අසීස් මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් ඉල්ලා තිබූ සියලූ ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2020.12.20 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

Divaina

Related posts

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

colombotoday

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

colombotoday

ඇමති පියල්ගේ වැටුප පරිත්‍යාග කරන්න බෑලු

colombotoday

පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි

colombotoday

පාකිස්තානු ජාතික සිරකරුවන් 43දෙනෙකු කටුනායකින් පිටුවහල් කෙරේ

colombotoday