Colombo Today Local News

ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සම්වල තීන්දුව කතානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ “ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල තීන්දුව ඉදිරියේදී කතානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09)දින දැනුම් දුන්නේය.

මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සැලකිල්ලට ගැනිණි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ඛනිජ තෙල් සංස්ථා විධායක නිලධාරීන්ගේ සංගමය ඇතුළු තිදෙනකු මෙම පෙත්සම් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබිණි.

මෙම පනත් කෙටුම්පත හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙරටට පෙට්‍රෝලියම් නිෂ්පාදන ගෙන්වා බෙදා හැරීමට තිබු ඒකාධිකාරීය අහෝසි වන බවත් පෞද්ගලික අංශයෙන් සෘජුවම විදේශවලින් මෙරට පෙට්‍රෝලියම් නිෂ්පාදන ගෙන්වීමට බලය ලැබෙන බවත් පෙත්සම්වල සඳහන්ව තිබුණි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී බහුතර සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් අනුමත කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.

Related posts

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

Admin

ජෛව පොහොර ගැන ලංකාවෙි ප්‍රමිති කාර්්‍යංශය තවම ප්‍රමිතියක් හදා නැහැ

colombotoday

කොවිඩ් ආසාදිත මවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday

“ජාතිය හා ආගම සංහිඳියාවට බාධාවක්.. බෞද්ධ පාසල්වලට දමිළ, මුස්ලිම් සිසුනුත් ඇතුළත් කළයුතුයි” – චන්ද්‍රිකා

colombotoday

අදත් ප්‍රදේශ රැසකට වැසි

Admin

නුවරඑළියේ ජනතාවත් පාරට බසී

colombotoday