Colombo Today Local News

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා තවදුරටත් රිමාන්ඩ්

අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා සැප්තැම්බර් 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පාර්ලිමේන්තු වටරවුම අසල පසුගියදා පැවති විරෝධතාවයේදී පොදු දේපළවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 3වනදා ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව චමීර කොස්වත්ත, කෝසලා හංසමාලි, අමිල සන්දීප, වසන්ත මුදලිගේ එලෙස යළි රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කළේය.

එම විරෝධතාවයේදී මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට ද තුවාල සිදුවිය.

Related posts

කැබිලිගොල්ලෑවේදී ප්‍රහාරයකට ලක්ව මිය ගිය පොලිස් සැරයන්ට උසස් වීමක්

Admin

මැකොස ඇතුළු ස්වාධීන කොමිෂන් සභා වල නව සාමාජිකත්වයට අයැදුම්පත් කැඳවයි

Admin

රටේ මත්පැන් බලපත්‍ර හිමි අයගෙන් සියයට 45ක් කාන්තාවන්

colombotoday

රෝහලට ඇතුළත් කද්දීම දෙදෙනෙක් මියයයි – මෘත ශරීර PCR පරීක්ෂණයට.

colombotoday

පොහොට්ටුවෙන් වුවත් තරග කිරීමට ශ්‍රීලනිප යේ අපි සූදානම්…

colombotoday

මහ ජනගග ඉදිරියේ මහින්දගෙන් ප්‍රතිඥාවක් !

colombotoday