Colombo Today Local News

ගුවන් හමුදාව ස්ථාපිත කරනු ලැබු ස්කයි පෙට් සත්ව රෝහල විවෘත කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ස්ථාපිත කරනු ලැබු ස්කයි පෙට් සත්ව රෝහල, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ආරාධනයට අනුව ජනාධිපති බිරිඳ වන අයෝමා රාජපක්‍ෂ විසින් පසුගිය දා ගුවන් හමුදා ගුවන් පුර කඳවුරු පරිශ්‍රයේදී විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්කයි පෙට් සත්ව රෝහල, සුනඛයන් සහ බළලුන් සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් නවින තාක්ෂණයට අනුව ස්ථාපිත කර ඇති ත්‍රිවිධ හමුදාව සතු එකම සත්ව රෝහලයි.

ගුවන් හමුදා විශේෂ පුහුණුව ලබා ගුවන් හමුදා අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි සඳහා මෙන්ම ජාත්‍යන්තර ගුවන්තොටුපළවල ආරක්ෂක රාජකාරි හා මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා ද සුවිශේෂී පුහුණුවක් ලබා ඇති ගුවන් සුනඛ ඒකකයේ සුනඛයන් ගේ සත්කාර කටයුතු සඳහා මූලිකවම කටයුතු සිදුකරනු ලබන අතර මහජනතා සඳහා ද තම සුරතලුන් වෙනුවෙන් ඉතා සහනදායී මිල ගණන් යටතේ මෙම ස්ථානයේ සේවාව ලබාගැනීමට ද හැකියාව පවතී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපතිතුමන්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනි පතිරණ ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් පිරිසක් සහභාගි වූ අතර රට තුළ පවතින කොවිඩ්-19 වැළැක්වීමේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව මෙම අවස්ථාව සංවිධානය කරන ලදී.

0111344447, 0112495800 යන දුරකථන අංකවලින් මෙම රෝහල හා සම්බන්ධ විය හැකි බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

Related posts

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

මුදල් මංගලට, විදේශ කටයුතු රවීට !!

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජූලි මාසයේදී දිවයිනට

colombotoday

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin

2015 – 4.8% යි, 2016 – 4.4% යි.. ආර්ථික වර්ධනය වේගය පහත වැටේ..

colombotoday

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට බීමතින් සිටි පෑලියගොඩ පොලිස් ලොක්කන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්.

colombotoday