Colombo Today Local News

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට බීමතින් සිටි පෑලියගොඩ පොලිස් ලොක්කන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්.

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයෙක් වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට බීමතින් සිටි පෑලියගොඩ පොලීසියෙ නිලධාරීන් 10 කට අධික පිරිසක් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වෙනවා.

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට කෑම පාර්සලයක් ලබාදීම සඳහා මිගාර ගුණරත්න මහතා ඊයේ (25) රාත්‍රියේ පෑලියගොඩ පොලිසියට ගොස් ඇති අතර එහිදී මුව ආවරණය නොමැතිව ඔහු සමග සංවාදයට පැමිණි පොලිස් ප්‍රධානියෙකුට මුව ආවරණය පැළඳගන්නා ලෙස ඉල්ලා සිට ඇති අතර එම ඉල්ලීමට උරණ වී මෙම පහරදීම සිදුකර ඇත.

පහර දෙන අවස්ථාවේ දී මිගාර මහතා බිම ඇද වැටී ඇති අතර දැඩි ලෙස පා පහරවල් එල්ල වීම හේතුවෙන් ඔහු සිහිසුන් වී ඇත. පසුව පොලිසිය විසින් රාජකාරියට බාදා කිරීමේ චෝදනා ගොනුකර රාගම රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වෙයි.

Related posts

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday

අකාර්යක්ෂම නගර සභාව ව්‍යාපාරිකයන් රකිද්දි කුණු ගඳ ගහන මහනුවර ඇල මාර්ග

colombotoday

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

colombotoday

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 75 ඉක්මවයි

colombotoday

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday