Colombo Today Local News

සමෘද්ධි දීමනාව රැගෙන යමින් සිටි මවගේ සල්ලි කොල්ලකාලා…

සමෘද්ධි දීමනාව ලබාගෙන නිවස වෙත යමින් සිටි වයෝවෘධ මවකගේ මුදල් මහමඟදී කොල්ලකා තිබේ.

සමෘද්ධි බැංකුවෙන් ලබාගත් රුපියල් 14,500ක මුදලක් ඇය සතුව තිබී ඇති බව සඳහන්ය.

දෙල්දූව සමෘද්ධි බැංකුවෙන් අදාළ මුදල් ලබාගෙන මාර්ගයේ ගමන්කරමින් සිටි වයෝවෘධ කාන්තාවක් මුලාකර සැකකරු එම මුදල් කොල්ලකා ඇති බව මොරන්තුඩුව පොලීසිය පවසයි.

සමෘද්ධි බැංකුවෙන් මාස 08ක හිඟ මුදල් රැගෙන බණ්ඩාරගම කළුතර මාර්ගයේ කළුතර දෙසට පාගමනින් ගමන් කරමින් සිටියදී අදාළ කාන්තාව එලෙස මෙම සිද්ධියට මුහුණදී තිබේ.

ඇය පසුපසින් පැමිණ ඇති සැකකරු, “ඔය අම්මගේ අයිඩින්ටිය හරිද බලන්න කියලා සමෘද්ධි මිස් කිව්වා.” යනුවෙන් පවසා ඇත.

වයෝවෘධ කාන්තාව සිය හැඳුනුම්පත පෙන්වනවාත් සමගම ඇය සන්තකයේ තිබූ රුපියල් 14,500 ක මුදල උදුරාගෙන ඇති සැකකරු නුගගොඩ දෙසට පළාගොස් තිබේ.

අදාළ කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර පසුගිය කාලයේ ජීවත්වී ඇත්තේ නිවස ආසන්නයේ වෙළෙඳසැළකින් ණය පදනම මත ලබාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලිනි.

ඒ වෙනුවෙන් රුපියල් 7,000ක මුදලක් ගෙවීමට ඇති බවද ඇය පවසා තිබේ.

එම කාන්තාව සමෘද්ධි මුදල් ලබාගන්නා අවස්ථාවේදී මුදල් කොල්ලය සිදුකළ සැකකරුව ද එහි සිට ඇති අතර නමුත් ඔහු කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.

Related posts

යුද හමුදා ගිලන් රථයකින් මුවමස් ඇදලා

Admin

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට කථානායක සහ ජවිපෙ එන්න බෑ කියයි

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ3 ඉක්මවයි..

Admin

“සඳුදා වෙනකං විදුලිය කපන්නෙ නෑ!” – මහජන උපයෝගීතා කොමිසම කියයි

colombotoday

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

colombotoday

“වෘෂණ කෝෂ මෙට්ටේ උඩ තිව්වම සනීප වෙනවද“ හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි

colombotoday