Colombo Today Local News

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්, මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අතර හමුවක් අද (26)දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවත් විණි.

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ගැන එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් මිදී හැකි ඉක්මනින් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීම කැනඩාවේ අපේක්ෂාව වන බවයි ඩේවිඩ් මැකිනන් මහතා ප්‍රකාශ කර ඇත.

මෙහිදී රට තුළ පවතින වත්මන් තත්වය ගැනත් දේශපාලනික වශයෙන් පවතින මහජන විරෝධතා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගෙන අත.

තවද ඩේවිඩ් මැකිනන් මහතා මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැනද මෙහිදී අවධාරණය කර තිබේ.

Related posts

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

colombotoday

නීත්‍යානූකූලව විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යනවා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

කොළඹ – පුත්තලම මාර්ගය අවහිර කරමින් විරෝධයක්

colombotoday

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

colombotoday

කොළොන්නාවේ නිවසකින් කේරළ ගංජා කිලෝ 129ක් සොයාගනී

colombotoday

ගිම්හාන සෘතුවේදී සංචාරයට සුදුසුම රට ලංකාව

Admin