Colombo Today Local News

රුසියානු ග්‍රහණයේන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් 7දෙනෙකුගේ ඡායාරූපයක් නිකුත් වෙයි

රුසියානු ග්‍රහණයේ සිට යුක්‍රේනයේ ඉසියුම් නගරයේ දී බේරාගත් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් 7 දෙනාගේ ඡායාරූපක් යුක්‍රේන මාධ්‍යවේදිනියක සිය ටුවිටර් ගිණුමට එක්කර තිබේ.

අදාළ මාධ්‍යවේදිනිය එහි සඳහන් කර ඇත්තේ, කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ඒ අතර වන බවයි.

ඔවුන් අවුරුදු 20 – 40 ත් වයස්වල පසුවන්නන් බව ඇය පෙන්වා දෙයි.

යුක්‍රේනයේ කුප්යන්ක්ස් ප්‍රදේශයට පැමිණ සති තුනක් අතර කාල සිමාවක දී මොවුන් රුසියානූ ග්‍රහණයට හසුව ඇති බව සිය ටුවිටර් පණිඩිවයෙන් මෙම මාධ්‍යව්දීනිය පවසයි.

ඒ ඔවුන් කුප්යන්ක්ස් සිට කරකිව් ප්‍රෙද්ශයට යෑමට උත්සාහ කිරීමේදී ය.

ඉන්පසු මේ සිසුන් හත් දෙනා හඳුනානොගත් ප්‍රදේශයක රඳවා ගෙන සිටි බව ඇය වැඩිදුරටත් පවසයි.

Related posts

ලිට්‍රෝ ලැබූ ලාභයෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට දෙයි

Admin

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 33 දෙනෙකුට මිනීමැරුම් චෝදනා – ඇමති සරත් වීරසේකර කියයි

colombotoday

“එක රටකට තිබිය හැක්කේ එක නීතියයි, අන්තවාදීන්ට යටත් නොවන ලෙස මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා” ජනපතිගේ සම්පූර්ණ ප‍්‍රකාශය

colombotoday

අධිවේගීමාර්ගයන්ට නව නීති රීති

Admin

තහනම පුස්සක් වෙයි. අබ්දුල් රාසික් “මුස්ලිම් වාමාංශික පෙරමුණ” නමින් එලියට. අන්තර්ජාලයේත් නිදහසේ සැරිසරයි.

colombotoday

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

colombotoday