World

‘මැණිකේ මගේ හිතේ ‘ හින්දියෙන් ගායනා කළ “Thank God” සිනමාපටයට නඩු

අධ්‍යක්ෂක ඉන්ද්‍ර කුමාර්ගේ ඉදිරියේදී තිරගත වීමට නියමිත “Thank God” සිනමාපටය මේ වනවිට නීතිමය අර්බුදයකට ලක්ව තිබෙන බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වෙබ් අඩවිය සඳහන් කරයි.

ජවුන්පූර් අධිකරණයක අධ්‍යක්ෂ ඉන්ද්‍ර කුමාර් සහ රංගනයෙන් දායක වන අජේ දේව්ගන් සහ සිද්ධාර්ථ මල්හෝත්‍රාට එරෙහිව නීතීඥ හිමන්ෂු ශ්‍රීවාස්තාවා විසින් නඩුවක් පවරා ඇති බවයි එහි දැක්වෙන්නේ.

පෙත්සම්කරුගේ ප්‍රකාශය නොවැම්බර් 18 වැනිදා සටහන් කර ගැනීමට නියමිත අතර නිකුත් කර ඇති චිත්‍රපටයේ ප්‍රචාරක පටය ආගම සමච්චලයට ලක් කර ඇති අතර ආගමික හැඟීම්වලට හානි කර ඇති බවයි හිමන්ෂු ශ්‍රීවාස්තාවා පෙන්වා දී ඇත්තේ.

“Thank God” සිනමාපටය ශ්‍රී ලාංකික රසිකයින්ටද සුවිශේෂී වෙයි.

ඒ, ‘මැණිකේ ‘ගීතයෙන් ජනාදරය හිමිකරගත් යොහානි ද සිල්වා මෙම සිනමා පටයේ එම ගීතය හින්දි භාෂාවෙන් ගායනා කිරීම හේතුවෙන්.

චමත් සංගීත් ,දුලාන් ARX ,සතිෂාන්ද මේ ගීතයේ නිර්මාණයට දායකත්වය සපයා තිබෙනවා

හින්දි භාෂාවෙන් ගැයූ මෙම ගීතය අද (16) එළිදක්වා තිබෙන අතර “Thank God” සිනමාපටය ඔක්තෝම්බර 24වන දා තිරගත වීම ආරම්භ කිරීමට නියමිත වනවා

Related posts

තායිලන්ත අගමැති චාන්-ඕ-චාගේ ධුරය අත්හිටුවයි

colombotoday

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

colombotoday

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

colombotoday

ඉතියෝපියාවේ අගනුවර බලය ඇල්ලීමට ටයිග්‍රේ කැරලිකරුවන් ඇතුල් වෙයි

colombotoday

විශ්වාසභංගයෙන් පසු නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මා ට

Admin

හැරී-මේගන් යුවල රජසැප අතහරී !

colombotoday