Colombo Today Local News

පාගමනේ ගිය පිරිස ශ්‍රීලනිප අම්මාගෙ මූණට කෙළ ගැසුවා – ශ්‍රීලනිප මහ ලේකම්

duminda dissanayake

පාද යාත්‍රාවේ ගමන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්‌ඩායම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානය ඉදිරිපිටදී හූ කියමින් අශෝභන ලෙස හැසිරීම තමන් හැදූ වැඩූ මවට සහ පියාගේ මුහුණට කෙළ ගැසීම වැනි පහත් ක්‍රියාවක්‌ යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා (02 දා) පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාට මෙම පාපකර්මයෙන් කවදාවත් ගැලවීමක්‌ නම් ලැබෙන්නේ නැහැ. මෙම ෙද්‍රdaහී ක්‍රියාව ඉතිහාසයේ කළු අකුරින් ලියෑවෙනවා. මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ගේ ගෝලබාලයන් ලවා හූ කියමින් අපහාස කළේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සමස්‌ත ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් ඇතුළු මේ රටේ ජනතාවටයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අගමැති වෙලා ජනාධිපති පුටුවේ වාඩිවුණ මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂයට සහ පාක්‍ෂිකයන්ට කළගුණ සලකන ආකාරය නම් හරිම අපූරුයි.

අපි මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කල්ලියට කියනවා හූ කියලා අපහාස කරලා ඩෙඟා නටලා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විනාශ කරන්න හදනව නම් එය සිහිනයක්‌ විතරයි කියලා.

මේ අයට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන්න සදාචාරාත්මක අයිතියක්‌ නැතැයි ද ඇමැතිවරයා පැවසීය.

– දිවයින

Related posts

ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගන්නා 5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මෙන්න…

colombotoday

ප්‍රමුඛතා අනුපිළිවෙලට බස්නාහිර පළාතේ රෝහල් 6කදී එන්නත්කරණය අදින් ඇරඹේ

colombotoday

රාජපක්ෂලාට බැන්නා ඇති ! දැන්වත් රට හදමු ! – මුදල් ඇමති රවී

colombotoday

පළාත් සභා අයවැය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ මන්ත්‍රීන් තිදෙනා ගැන පරීක්ෂණ….

colombotoday

රවීට එරෙහිව මෝසමක්

Admin

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා. | කල්‍යාණවංශ පාර්ශවය කියයි.

colombotoday