Colombo Today Local News

අධිවේගී මාර්ග ව්‍යාප්තියෙන් යකඩ බට සොරාගත් 4ක් අත්අඩංගුවට

පෑලියගොඩ අධිවේගී මාර්ගයේ නව කැලණි පාලමේ ව්‍යාපෘයේ ඉදිකිරීම සඳහා තිබූ යකඩ බට සොරකම් කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

එම සැකකරුවන් විසින් සොරකම් කළ යකඩ බටවල වටිනාකම රුපියල් 1,615,000ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ (03)දින පෑලියගොඩ පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී තවත් සැකකරුවන් 3දෙනෙකු හා සොරකම් කරනල ලද යකඩ බට තොගය සොයාගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 31, 35, 50 හා 66 වයස්වල පසුවන වැලිගම, හික්කඩුව, දෙමටගොඩ සහ දෙනියාය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් අද (04)දින අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

වැටලීමකට ගිය පොලිස් ජිප් රථයක් ප්‍ර්‍රපාතයට පෙරළේ…

Admin

ෆේස්බුක් වැරදි අපරාධ නීතියට ඇතුළත් කරයි. වැරදි කළොත් දැඩි දඩුවම්

colombotoday

බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

colombotoday

රාජිතට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් සීඅයිඩීය ප්‍රකාශයක් ගනී

colombotoday

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක්

colombotoday