Colombo Today Local News

බඹරු ඇන දෙමෝදර විදුහලක සිසුන් 8ක් රෝහලේ

බඹරු ඇනීමෙන් දෙමෝදර විදුහලක සිසුන් අටදෙනකු අද (9)දින දහවල් දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි.

එම විදුහලේ 1 වැනි ශ්‍රේණිය ළමුන් දෙදෙනකු , 2 වැනි ශ්‍රේණිය ළමුන් දෙදෙනකු සහ 7 වැනි ශ්‍රේණිය ඉගෙනුම ලබන ළමුන් සිව්දෙනෙකු මෙලෙස රෝහල්ගත කර ඇතැයි රෝහල් ප්‍රකාශයකු කීය.

සිසුන් විදුහලේ නව විදුහල් ගොඩනැගිල්ල අසල සිටියදී ඒ අසල තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම අනතුරු සිදු වී තිබේ.

මෙම සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිදුවීම පිළිබඳව ඇල්ල පොලිසිය පරික්ෂණ පවත්වති.

Related posts

සිංගප්පූරු ගිවිසුමේ වැරදි ගොඩයි… අත්හිවිය යුතුයැයි ජනපති කියයි…

colombotoday

අගමැති යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට ?

colombotoday

කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

Admin

පන්සල්, පාසල් ආසන්නයේත් තැබෑරුම් ඇරීමට අවසර දීමට සූදානම්.. ජනපතිකෙනෙක් රටට කුමටද?

colombotoday

මැතිවරණ කොමිසමෙන් ස්වාධීන රූපවාහිනි සේවයට තහනමක්

colombotoday

කොවිඩ් ආසාදිත මවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday