Colombo Today Local News

20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවන්නැයි GMOA ඉල්ලයි

වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා පවසන්නේ එම වයස් කාණ්ඩය සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම සුදුසු බවට මේ වන විට නිර්දේශ කර ඇති බවය.

එබැවින් මෙරට සතු කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් තොගය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය සමන්ත ආනන්ද මහතා…..

“වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට නිර්දේශිත එන්නත තමයි සයිනොෆාම් එන්නත. එම එන්නතේ අවශ්‍ය තරම් තොග ලැබෙන නිසා ෆයිසර් එන්නත ඒ කණ්ඩායමට වෙන් නොකර පාසල් දරුවන් සඳහා වෙන්කරලා. ඒ කාණ්ඩයට අවශ්‍යතාවයක් තිබෙනවානම් ෆයිසර් එන්නත වෙනුවට සයිනොෆාම් එන්නත ලබාදෙන්න කියන එක තමයි අපි ඉදිරිපත් කළේ. ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් සෞඛ්‍ය අමාත්‍යවරයා දැක්වූවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට කියලා. ඒ වාගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව අදාළ නිර්දේශ ගැනීමට කටයුතු කරමින් යන බව කියා සිටියා.“

Related posts

බරපතල ජාතික උවදුරක පෙරනිමිති !.. හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හකීම්ගෙන් සහ බදුර්දීන්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

colombotoday

ඔබගේ පයට පෑගෙන දූවිලි වලටත් වඩා මම නිහතමානී වෙනවා !

colombotoday

තිස් අවුරුදු යුද්ධය නිම කළ රජය නැවත ත්‍රස්තවාදයට, අන්තවාදයට හිස ඔසවන්න දෙන්නෙ නැහැ. – අමාත්‍ය සරත් වීරසේකර

colombotoday

රතිඤ්ඤා කරල අතේ පුපුරා දරුවෙකු රෝහලේ

Admin

දූෂිතයෙක් සභාපති කරයි?

Admin