Colombo Today Local News

“ආපදා කලමනාකරණයට වෙන්කළ සොච්චම් මුදලත් ආණ්ඩුව කප්පාදු කරලා” – ජවිපෙ හෙළිකරයි

vijitha herath jvp

ආණ්ඩුව ආපදා කළමනාකරණය සඳහා වෙන්කරන මුදල් කප්පාදු කර ඇති බවත් මේ ආපදාව වෙනුවෙන් ආණ්ඩුව වෙන්කළේ මිලියන 150ක් වැනි සොච්චම් මුදලක් බවත් ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (24) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු එහිදී මෙසේද පැවසී ය,

“පහුගිය ආපදා තත්වය වෙලාවෙත් මේ ආණ්ඩුවේ කිසිම පූර්ව සූදානමක් තිබුණේ නැහැ කියලා. කාලගුණ වාර්තාව දැනගන්න තිබුණ විශේෂ යන්ත‍්‍රය පවා වසර 5ක් පුරාවට කි‍්‍රයාත්මක නැහැ කියලා වාර්තා වුණා. ඒකෙන්ම පැහැදිලි වෙනවා, ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් කිසිදු සැලැස්මක් තිබුණේ නැහැ කියලා. ස්වභාවික විපත් ඇතිවෙන්නේ ක්‍ෂණිකවයි. ඒ නිසාම මේ ස්වභාවික විපත්වලට මුහුණ දෙන්න ආණ්ඩුව පූර්ව සූදානමක සිටිය යුතුයි. ආණ්ඩුව එවැනි සූදානමක නොසිටීම නිසා මෙම ව්‍යසනය වූ මුල් දිනවල ආණ්ඩුවට මැදිහත් වෙන්න බැරිවුණා. ජනතා විමුක්ති පෙරමුණේ අපි පාර්ලිමේන්තුවේදී අවධාරණය කරලා කිව්වා, ඇතිවී තිබෙන ව්‍යසනය ඉතාම විශාලයි. ඒ නිසා රට තුළ හදිසි ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත්කරන්න කියලා. ඒ වෙලාවේ සභානායක ආණ්ඩුව වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරනවා කියලා කිව්වට අද වෙන තෙක් හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කළේ නැහැ. මුල් අවස්ථාවේ රජයේ නිලධාරීන්ට මැදිහත් වෙන්න බාධා ඇතිවුණා. චක‍්‍රලේඛයෙන් ප‍්‍රතිපාදන ලැබී තිබුණේ කඳවුරුවල ඉන්න ජනතාව වෙනුවෙන් ආහාර පාන ලබාදීම සඳහායි. වෙනත් ස්ථානවල සිරවී සිටින ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙන්න නිලධාරීන්ට තීරණ ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. විපතට පත් ජනතාව බේරා ගන්න බෝට්ටුවකින් යන්න රජයේ නිලධාරීන්ට ඉන්ධන වියදම් ලබාගන්න ක‍්‍රමවේදයක් තිබුණේ නැහැ. එම නිසා එම බාධාකාරී චක‍්‍රලේඛ නිසා මුල් අවස්ථාවේ රජයේ නිලධාරීන්ට තීරණ ගැනීමේ බලය තිබුණේ නැහැ. ඇතිවී තිබෙන තත්වය සරල නැහැ. එනිසා ක්‍ෂණික මෙහෙයුමක් අවශ්‍යයි. හදිසි ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත්කළා නම් රජයේ නිලධාරීන්ට කි‍්‍රයාත්මක වීමට පහසුයි. නමුත් ආණ්ඩුව ප‍්‍රමාද වෙලා තමයි තීරණ ගත්තේ. දැන් විපතට පත් ප‍්‍රදේශ අධි ආරක්‍ෂක කලාප බවට පත්කරලා. ගොඩකිරීම් කරන්න දෙන්නේ නැහැ කියනවා. මේ අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම් පිටුපස දේශපාලනය තිබෙනවා. ආණ්ඩුවත් පරිසරය ගැන හිතනවා නම් මෙවැනි අනවසර ගොඩකිරීම්වලට සහ ඉදිකිරීම්වලට අවසර නොදිය යුතුව තිබුණා. ප‍්‍රමාදවෙලා හරි ආණ්ඩුවට මොළේ පෑදුණු එක ගැන ප‍්‍රසාදයක් තිබෙනවා.“

“මේ ආණ්ඩුව ආපදා කළමනාකරණය සඳහා 2016 වර්ෂය වෙනුවෙන් වෙන්කළ මුදල පසුගිය වර්ෂයට වඩා අඩුයි. 2015 වර්ෂයේ ප‍්‍රාග්ධන වියදම් සඳහා රුපියල් මිලියන 2522ක් වෙන්කර තිබුුණු අතර 2016ට වෙන්කර තිබෙන්නේ 2135යි. පුනරාවර්තන වියදම් සඳහා 2015ට රු. මිලියන 1543යි. 2016 සඳහා රු. මිලියන 799යි. මේ ආණ්ඩුවට ආපදා තත්වයකට මුහුණ දෙන්න සූදානමක් තිබිලා නැති බව මින් පැහැදිලි වෙනවා. සුනාමි තත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ ප‍්‍රශ්න තවමත් විසඳිලා නැහැ. ඉඩම් අහිමි වූවන්ට ඉඩම් ලබාදුන්නත් ඔවුන්ට ඔප්පු ලබාදීලා නැහැ. ඒ නිසාම දරුවන් පාසැල්වලට ඇතුළත් කිරීමේදී පවා නීත්‍යානුකූල ලියකියවිලි නොමැතිකමින් ඔවුන් තවමත් පීඩා විඳිනවා. එවැනි තත්වයක් තිබියදී මේ ආණ්ඩුව ආපදා කළමනාකරණය සඳහා වෙන්කරන මුදල් කප්පාදු කර තිබෙනවා.

මේ ආපදාව වෙනුවෙන් ආණ්ඩුව වෙන්කළේ මිලියන 150යි. මිලියන 150ක් කියන්නේ ඉතාම සොච්චම් මුදලක්. මේ ආණ්ඩුව 2016 සඳහා ආපදා කළමනාකරණයට වෙන් කළේ අඩු මුදලක්. මේ හදිසි තත්වයටත් ආණ්ඩුව සිදුකළ ඇස්තමේන්තුවත් වැරදි එකක්. ඒ නිසයි අපි කිව්වේ මේ ආණ්ඩුව මුල සිටම හිටපු ස්ථාවරය අඩු තක්සේරුවක් කියලා. සතියක් පමණ ගතවුණාට පසුව තමයි මේ ආණ්ඩුව හැම දේම කරන්න පටන් ගත්තේ. “ යැයි විජිත හේරත් මහතා පැවසී ය.

Related posts

මාස 6 කට වැඩි කාලයක් සිරබාරයේ සිටින නාවික බුද්ධි විරුවන් දෙදෙනෙකුගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට

colombotoday

ජනපතිගේ ප්‍රධාන උපදේශක ශිරාල් සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව වව්නියාවේත් විරෝධතා !

colombotoday

බලෙන් උපත් පාලනය කරවන දඹුල්ලේ වෛද්‍යවරිය ගැන සෞඛ්‍ය අමාත්යංශය විශේෂ පරීක්‍ෂණ

colombotoday

හොරණ තිබ්බොටුගොඩ බැංකුවක් කඩයි

colombotoday

(VIDEO) වික්ටෝරියා බලාගාරයේ නළයක කාන්දුවක් – විදුලි කප්පාදුවක් අතලඟ?

colombotoday