Colombo Today Local News

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකුලව භුක්ති විඳීම වළක්වාලමින් හදිසි නීතිය අවභාවිතා කිරීම හෙළා දකිනවා

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණදී සිටින ජනතාවගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් වළක්වාලමින් විරෝධතා මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නිතිය දීර්ඝ කිරීම සහ නැවත නැවත භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඉකුත් අප්‍රේල් 2 වැනිදා සිට ශ්‍රී ලංකාව හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවත් නව ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ඉකුත් ජූලි 17 වැනිදා හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ බවත් එම නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගනිමින් ඉකුත් ජූලි 27 වන දින වත්මන් හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කළ බව එහි සඳහන් වේ.එමගින් ඇඳිරි නීතිය පැනවීමට අවකාශ සහ ආරක්ෂක හමුදාවන්ට පුළුල් හා අභිමතය පරිදි බලතල ලබා දීමට හැකියාව ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

එවැනි බලතල ආරක්ෂක අංශවලට අධීක්ෂණයකින් තොරව විරෝධතාකරුවන් රඳවා තබා ගැනීමටත් වරෙන්තුවකින් තොරව පෞද්ගලික දේපළ පරික්ෂා කිරීමටත් ඉඩ සැලසෙන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේය.

හදිසි නීතිය අවභාවිත කිරීම පිළිබඳ අවස්ථා කිහිපයකදී රජයට දැනුම් දීමක් සිදු කළත් ඉන් ප්‍රයෝජනයක් නොවූ බව මානව හිමිකම් විශේෂඥයන් පෙන්වා දුන්නේය.එසේම සාමකාමීව රැස්වීමට මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය නීත්‍යානුකුලව භුක්ති විඳීම වළක්වාලමින් මෑතකදී සහ දිගින් දිගටම හදිසි නීතිය අවභාවිතා කරමින් ගනු ලබන ක්‍රියාමාර්ග හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කළේය.

Related posts

මහජන දේපළ, විදේශ විනිමය අතර වෙනස දන්නෑ.. අපබ්‍රංස කියවනව.. අනුරට සේනාධිපති තරු විසිවෙන්න දෙයි

colombotoday

පිපිරීමක් සමඟ වෙළෙඳසැලක ගින්නක්. – ගිනි ඇවිලුණු පුද්ගලයන් ගැන තැකීමක් නොකර වෙළෙඳසැල නිවාදැමීමට උත්සහ කරලා. – දෙදෙනෙක් මරුට.

colombotoday

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… VAT බද්ද 15% සිට 8% දක්වා පහත දැමීමට කැබිනට් අනුමැතිය !

colombotoday

“ඉන්දු – ලංකා ගිවිසුම ගැහුවොත් පරම්පරා ගාණක් අමාරුවේ.. අපිත් විරුද්ධයි“ – හෙළ උරුමය

colombotoday

හිටපු ඇමති තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය තිදෙනෙක්ට කොරෝනා රෝග ලක්ෂණ

colombotoday

තව්හිද් ජමාත් ලොක්කා ISIS ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධයි, ගෙන්වන්න හදන්නේ අගමැතිගේ ගෝලයා හලීම් – කද්රියා මුස්ලිම් ඒකකය (Voice)

colombotoday