Colombo Today Local News

බීමට දිය පොදක් ඉල්ලා පාරට බැස්ස, හිමිනමක් ඇතුළු 32ක් රිමාන්ඩ් !

_90505814_people

පානීය ජලය ඉල්ලා පසුගිය 25දා තිස්ස – මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අම්බලන්තොට නගරයේදී විරෝධතාවක නියැළුණු භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු 32ක් ලබන මස 01 වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබෙනවා.

අම්බලන්තොට, රුහුණු රිදියගම ප්‍ර දේශයේ කබරගහමුල්ල, ගොඩකොග්ගල්ල යන ග්‍රාම නිලධාරී වසම් දෙකක ජනතාව පානීය ජලය ඉල්ලා පසුගිය 25 වනදා පෙරවරු 11 සිට සවස තුන පමණ වනතෙක් පැය හතරක පමණ කාලයක් අම්බලන්ගොඩ නගරයේදී උද්ඝෝෂණයක නිරත වූ අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම්කාරී තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.

ඒ අනුව විරෝධතාවයේ නියැළි පුද්ගලයින්ට අයුතු ජනරාශිය, මහජන පීඩාව, අනර්ථය යන කාරණා යටතේ චෝදනා ගොනුකර හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අම්බලන්තොට පොලීසිය පියවර ගත්තේය.

ප්‍රදේශයේ ජනතාව පෙන්වාදෙන්නේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත්තද තම ප්‍රදේශයේ පානිය ජාල ප්‍රශ්නනය තවමත් විසඳී නොමැති බවයි. මේ වනවිට පවුල් 540ක පුද්ගලයින් 2500ට වැඩි සංඛ්‍යාවක් පානිය ජලය නොමැතිව පීඩාවට පත්ව තිබේ .

Related posts

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මැතිවරණ සටන අනුරපුරෙන් අරඹයි

colombotoday

“විදුලිය කප්පාදු කරන මොහොතක විදුලි බිල ඉහළ දැමීම අසාධාරණයි”

colombotoday

හොරොව්පතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි

colombotoday

මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති පැහැරගන ගොස් ඇත්තේ සුදු වෑන් රථයකින්

colombotoday

මවුස්සාකැලේට කෘතිමව වැසි වැස්සවීම සාර්ථකයි

colombotoday

“ලාච්චුව ඇරල දෙනව වගේ සල්ලි දෙන්න බෑ.. උද්ඝෝෂණය අසාධාරණයි“ ආරක්ෂක ලේකම්

colombotoday