පසුගිය මැතිවරණවලදී කැෆේ සංවිධානයෙන් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට උදව් කළ නිසා ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවට පත් කළ බව උසස් අධ්‍යාපන ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා කියයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (05) පාර්ලිමේන්තුවේදීය.
ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
“සරසවි පාලක මණ්ඩලවලට පත්කරන අයට තිබියයුතු නිගමනවලට නිශ්චිත නියමයන් නැහැ. පහුගිය ඡන්දයේදි සමහර උපකුලපතිවරු මහින්ද රාජපක්ෂට උදව් කළා. විශ්ව විද්‍යාල දේශපාලන අතකොළුවක් කර ගැනීම පහුගිය කාළේ ආණ්ඩු කළ හැම පක්ෂයක්ම කළා”