බිතරයක් රුපියල් 50කට අලෙවි කිරීම සඳහා වෙළෙඳුන්ට අවසර දෙන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියට යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කෙසේ වෙතත් නිෂ්පාදන මිල පිළිබඳව සොයා බැලීමකින් අනතුරුව ඉදිරි කටයුතු තීරණය කෙරෙන බව අමාත්‍යවරයා පවසයි.
පසුගියදා බිත්තරයක් රුපියල් 43 හා 45 ලෙස පාලන මිලක් පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.
කෙසේ වෙතත් තවමත් වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60 කට අධික මිලකටයි.