Colombo Today Local News

බන්දුල, ප්‍රසන්න සහ විමල් අද මානව හිමිකම් කොමිසමට..

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන් අද(29) දිනයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

පසුගිය මැයි 09 වැනිදා සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරි සිදුවීම් අතරතුරු මන්ත්‍රී නිවාස ගිනි තැබීම් හා දේපොළවලට හානි කිරිමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව මෙම කැඳවීම කර ඇති බව වාර්තාවේ.

අදාල මන්ත්‍රිවරුන් සිය නිවාස ගිනි ගැනිමට ලක් වූ බවට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

මීට අමතරව මැයි 09 වැනිදා සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතරතුර නිවාස හා දේපොළ හානි වූ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කිහිපදෙනකු ද කොමිසම හමුවට කැඳවා ඇත.

මන්ත්‍රීවරුන්ගෙන් අද දිනයේදී විමර්ශනය සඳහා අවශ්‍ය මූලික කරුණු සටහන් කර ගැනිම සිදු කිරීමට නියමිතව ඇති බව, මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.

Related posts

දඹුල්ල ආර්ථිකය හෙට සිට යළි විවෘතයි

colombotoday

බඩඉරිඟු වගාවට කෘෂිකර්මය අක්කර අසූ දහසක ඉඩම් ඉල්ලයි

colombotoday

මෝදර, ලෙල්ලමේ ධීවර බෝට්ටු 7ක් අළු වෙයි

Admin

“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි

colombotoday

රථ වාහන සදහා ජනවාරියේ සිටි තවත් බද්දක්…

colombotoday

විපක්ෂනායක ධූරයට රනිල් පාර්ලිමේන්තුවට?

Admin