අද(25) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම මීට හේතුව බවයි.
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ තම බස් සේවා සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
දුම්රිය සේවා ද සාමාන්‍ය කාලසටහන් අනුව සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.