World

මුම්බායි නගරය පුපුරුවා හරින බවට පාකිස්ථාන අංකයකින් තර්ජන

ඉන්දියාවේ මුම්බායි නගරයට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට කිසියම් පාර්ශ්වයක් තර්ජනාත්මක පණිවුඩයක් එවා ඇතැයි එරට ආරක්‍ෂක අංශ සඳහන් කරයි.

මෙය බොහෝ දුරට 2008 වසරේ නොවැම්බර් මාසයේ එම නගරයට එල්ල වූ බිහිසුණු ප්‍රහාරයට සමාන එකක් වනු ඇතැයි මෙම පණිවුඩයෙහි සඳහන් වන බව ද වාර්තා වේ.

මෙම ප්‍රහාරය පිළිබඳ පණිවුඩය ලැබී තිබුණේ මුම්බායි පොලිසියේ එක් අංශයක වට්ස්ඇප් අංකයකට ය. සය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කරනු ඇති බවක් එහි දැක්වෙන බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

2008 වසරේ එල්ල වූ ප්‍රහාරය ඉන්දියාවේ මෑත ඉතිහාසයේ එරටට එල්ල වූ දරුණුම ත්‍රස්ත ප්‍රහාරයකි. එය බොහෝ විට හැඳින්වෙන්නේ 26/11 ප්‍රහාරය යනුවෙනි. දින හතරක් පුරා එල්ල වූ මෙම ප්‍රහාරයේ දී ස්ථාන කිහිපයක් ඉලක්ක කර වෙඩි තැබීම් සහ බෝම්බ පිපිරවීම් 12 ක් සිදු විය. එම ප්‍රහාර මාලාව එල්ල කරන ලද්දේ පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ලෂ්කාර්- ඉ-තායිබා නමැති සංවිධානය විසිනි. 10 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මේ සඳහා බෝට්ටු මගින් පාකිස්තානයේ සිට පැමිණ තිබූ බවක් ද අනාවරණය විය. 175 දෙනකු මෙම ප්‍රහාර මාලාවෙන් මිය ගිය අතර ප්‍රහාරකයන් 9 දෙනෙක් ද ඒ අතර වූහ. 300 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබිණි.

පොලිසිය පවසන ආකාරයට මුම්බායි නගරය පුපුරුවා හරින බවට පසුගිය දා ලැබුණු තර්ජනාත්මක පණිවුඩය පැමිණ තිබුණේ ද පාකිස්තානයේ අංකයකිනි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මුම්බායි නගරය අයත් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති දේවේන්‍ද්‍ර ෆද්නාවිස් පවසා තිබුණේ මෙම අනතුරු ඇඟවීම ඉතා බැරෑරුම් ලෙස සැලකිල්ලට ගන්නා බවයි. මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා අදාළ සියලුම ආයතනවලට දැනුම් දී ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි.

Related posts

ට්‍රම්ප්ගේ මුස්ලිම් තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය !

colombotoday

ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගනිමින් නීරාජ් චොප්රා ඉතිහාසගත වෙයි

Admin

ඩොලර් බිලියන 1000ක් වටිනා ස්වභාවික ඛණිජ සම්පත් තලේබාන් සංවිධානය සතුවීමේ අවධානමක්

colombotoday

හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයි

Admin

තබ්ලික් ජමාත් විවේචනය කල පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

ප්‍රංශයේ නිරුවත් නගරයේ 150කට කොරෝනා වැලදෙයි

colombotoday