වැලිකඩ බන්ධනාගාර කඳවුරේ බන්ධනාගාර කාන්තා නිලදාරිනියක් හා කාන්තා සිරකාරියන් පරීක්ෂා කිරීමේ රාජකාරී සිදු කරන ස්ථානයේ දී කාන්තා ජේලර්වරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ජේලර්වරිය සන්තකයේ තිබී බෙහෙත් පෙති හැඩති පෙති කිහිපයක් නිලධාරීන් භාරයට ගැනීමට සූදානම් වන අවස්ථාවේ දී ක්ෂණිකව එම පෙති උදුරාගෙන අදාළ ජේලර්වරිය ඇයගේ මුව තුළ සඟවා ගැනීමට උත්සහ දැරීමේ දී කාන්තා පොලිස් සැරයන් ඇතුලත්මුදලි ඇතුලු නිලදරිනියන් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙවන පෙල කාන්තා ජේලර් එම්.ඒ.එන්. සදමාලි නිලධාරිණිය වෙත අත්අඩංගුවට ගත් කාන්තා ජේලර්වරියක් භාර දී ඇති අතර එම පෙති ඖෂධීය පෙතිද, මත් පෙතිද යන්න පරික්ෂා කිරීම සදහා බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර තිබේ.