World

මිනිත්තුවකදී වේදනා රහිත මරණයක් ගෙනදෙන ‘සාකෝ’

මිනිත්තුවක් තුළදී වේදනා රහිත මරණයක් ලබාදීමට හැකි නවීන තාක්ෂණික යන්ත්‍රයක් භාවිතයට ස්විට්සර්ලන්තය නීත්‍යනුකූල අවසරය ලබා දී ඇත.

පෙනුමින් මිනීපෙට්ටියක් බඳු කැප්සියුල හැඩැති මෙම යන්ත්‍රය එහි ඇතුළත හිඳින්නාටම ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබේ. විශේෂත්වය වන්නේ රෝගියා කතා කිරීමට හෝ කිසිදු අවයවයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි අංශභාග තත්ත්වයක පසුවුවද, ඇස්වල චලනය මඟින් මෙම යන්ත්‍රය ඇතුළතින් ක්‍රියාත්මක කිරීමට පවා ඊට ඇති හැකියාවය.

මෙහිදි මරණය සිදුවන්නේ කැප්සියුලය තුළ වන ඔක්සිජන් මට්ටම අවමයකට ගෙන ඒම මගිනි. රෝගියාට අවශ්‍ය ස්ථානයකට මෙම කැප්ස්‍යූලය රැගෙන යා හැකි අතර, මරණයෙන් පසු එහි පාදමින් ගලවා ඉවත්කොට මිනීපෙට්ටියක් ලෙස භාවිත කළ හැකි බව එහි නිර්මාතෘ වෛද්‍ය පිලිප් නිට්ෂ්කේ පවසයි.

Exit International නම් ආයතනයේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය නිට්ෂ්කේ පවසන්නේ ‘සාකෝ’ ලෙස හැඳින්වෙන තමන්ගේ මෙම නිර්මාණය ‘මරණය ගෙනදෙන ගෑස් කුටියකට’ වඩා වැඩි දෙයක් නොවන බවට පවා විවේචන එල්ලවන බවයි. සියදිවි නසා ගැනීම ‘උත්කර්ෂයට’ පැමිණවීමට පොළඹවන යන්ත්‍රයක් ලෙස පවා ගැරහුම් එල්ලව තිබෙන සාකෝ යන්ත්‍ර ලබන වසර වනවිටම ස්විට්සර්ලන්ත වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ජෝ බයිඩන් ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලයි

Admin

අපේ යුද ශක්තියෙන් තවම පෙන්නුවේ ටිකයි – පූටීන්

colombotoday

මුස්ලිම් බ්‍රදර්හුඩ් නායකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. | අනුගාමිකයින් සිය ගනනකට මරණ දඬුවම.

colombotoday

කොවිඩ් මඬින බ්‍රිතාන්‍ය එන්නත මිනිසුන්ට අත්හදා බැලීම අද

colombotoday

මැතිවරණයට පසු ජනපති සිරගත කිරීමේ සුදානමක්

colombotoday

ජනපති සටනෙන් පැරදුන ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි..

colombotoday