කටුනායක, කහලපිටිය ප්රදේශයේ පහරදීමෙන් පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ 58 හැවිරිදි කහලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා හා පහරදුන් පුද්ගලයා අතර පවතින පෞද්ගලික ආරවුලක් දුරදිගගොස් මෙම පහරදීම සිදුව ඇත.
සැකකරු ප්රදේශයෙන් පළාගොස් ඇත.