නීතිවිරෝධීව ප්රවාහනය කිරීමට සූදානම් කර තිබූ ඩීසල් ලීටර් 19,000ක් සමග සිවු දෙනකු හම්බන්තොට ධීවරය වරාය ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම ඩීසල් තොගය අම්පාර ප්රදේශයට ප්රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව මූලික පරීක්ෂණවලින් අනාරණය වී ඇත.