Colombo Today Local News

නුවරඑළිය මහ නගර සභා නාගරික මන්ත්‍රිගේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිනි තියලා

නුවරඑළිය නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට කිසියම් පිරිසක් විසින් ඊයේ (07)දින අලුයම ගිනි තබා ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.

නුවරඑළිය, රණසිංහ මාවතේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයට ගිනි තැබීම හේතුවෙන් එම සම්බාහන මධ්‍යස්ථානයේ එක් කාමරයක් ගිනිගෙන විනාශ වී ඇති අතර එම කාමරයේ නිදාගෙන සිටි කාන්තාවක් තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

පැතිර යමින් තිබූ ගින්න නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් එක්ව පාලනය කර ඇත.

නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයකුට අයත් එම සම්බාහන මධ්‍යස්ථානයට කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය පොලිසිය විසින් සිදුකරනවා.

Related posts

ලංකා සතොස නව සභාපතිවරයෙක්

colombotoday

විදේශීය නැව් සමාගම්වල සේවය සදහා ඉන්දීය ජාතිකයින් 151ක් දිවයිනට

colombotoday

ශරීර උණුසුම ඉහළ ගිහින්… ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

යලිත් දිවයින පුරා ඇඳිරිනීතිය

colombotoday

අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම විසිවෙයි

colombotoday

බදුල්ල ගුරුවරිය දණගැස්වීම: මානව හිමිකම් නිර්දේශ අත්හිටුවයි

colombotoday