Colombo Today Local News

ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමන් එළවා දැමීම ගැන ආචාර්ය නිර්මාල් මෙසේ කියයි

nirma2222lජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව මාසයකට වරක් රැස්විය යුතු නමුත් පසුගිය දෙසැම්බර් මාසයේ පවත්වන ලද අවසන් රැස්වීමෙන් අනතුරුව එය රැස් වී නැති බව එම පාලක සභාවෙන් ඉවත් කෙරුණ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි පවසයි.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ ,මහාචාර්ය සෙනෙවි එපිටවත්ත ,මහාචාර්ය ජයතිලක සහ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ඇතුළු සමස්ත පාලක මණ්ඩලය අධ්‍යාපන ඇමතිවරයාගේ නියෝගයක් අනුව අධ්‍යාපන ලේකම්වරයා විසින් ඉවත් කරනු ලැබ ඇති බව ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කියා සිටියේය.

තමා ඇතුළු පාලක සභාව ඉවත් කිරීමට බල පෑ පසුබිම දීර්ඝ වශයෙන් විස්තර කරමින් ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කියා සිටියේ, එම අවසන් සාකච්ඡාවේ දී විශාල මත ගැටුමක් ඇති වූ අතර එවකට සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ කටයුතු කළ නොහැකි බව පාලක සභාවේ සාමාජිකයන් ආයතනයට දැනුම් දුන් බවයි.

එම සාකච්ඡා සියල්ල නිල බලයෙන් පාලක සභාවේ සභාපතිවරයා වන අධ්‍යාපන ලේකම්වරයා ඉදිරිපිට සිදු වූ බවත් ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කියා සිටියි.

ජාතික අධ්‍යාපනයේ කටයුතු සම්බන්ධයෙන් අපි වැදගත් කරුණු රාශියක් මතු කරමින් සිටියා. ඒවෙනුවෙන් වැඩ මුළුවක් පවා පවත්වනු ලැබුණා. එමගින් වැදගත් නිර්දේශ ඉදිරිපත් කරමින් ඉදිරි වැඩ කොටසක් සඳහා පියවර ගනිමිනුයි සිටියේ පාලක සභාවෙන් ඉවත් කෙරුණ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි බීබීසියට ප්‍රකාශ කළේය.

එහෙත් බලධාරීන් එවැනි පරිවර්තනයකට සූදානම් නොමැති බව පෙනී ගිය බවත් ඔහු පවසයි.
ඒ වෙනුවට ජාතික අධ්‍යාපන ආයතනයේ බලධාරීන් සිදු කරමින් සිටියේ මුදල් කාබාසිනියා කර දැමීම පමණක් බවත් ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කියා සිටියි.

අද ජාතික අධ්‍යාපන ආයතනය බිස්නස් එකක්. විවිධ අක්‍රමිකතා, මුදල් පරිපාලන ගැටළු පවතින ආයතනයක්. එම විනාශ වූ ආයතනයෙන් යැපෙන පිරිසකුත් ඉන්නවා .අපි ඒ ගැන කතා කළා. ඒ අනුව අපේ මැදිහත් වීම ඔවුන්ට හිසරදයක්වයි තිබුණේ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි වැඩිදුරටත් සඳහන් කළේය.

තමන් අධ්‍යාපන ඇමතිවරයාගේ ආරාධනයෙන් පාලක සභාවට සම්බන්ධ වුනේ රටේ අධ්‍යාපනයට යම්කිසි මෙහෙයක් සිදු කිරීම වෙනුවෙන් යයි සඳහන් කළ ආචාර්ය දේවසිරි ජාතික අධ්‍යාපන ආයතනයේ පවතින තත්වය සම්බන්ධයෙන් ඇමතිවරයාට වාචිකව මෙන්ම ලිඛිතවත් දැනුම් දී ඇති බවයි කියා සිටින්නේ.

එහෙත් අන්තිමේ දී සිදු වුණේ ඇමතිවරයාගේ නියෝගය අනුව තමා ඇතුළු පාලක සභාව අධ්‍යාපන ලේකම්වරයා විසින් ඉවත් කරනු ලැබීම බවයි ආචාර්ය දේවසිරි පෙන්වා දෙන්නේ.

BBC

Related posts

රු. බිලියන 90 කට අධික මුදලක් රජයට අහිමි වී ඇතැයි පැවසෙන විදුලි බල ගනුදෙනුව ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

ඤාණසාර හිමි නැවතත් ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරයි…

colombotoday

LTTE අංක තහඩුවක්.. T56 ගිනි අවියක්, පතොරම් තොගයක් පූනානි කැලැවෙන් මතුවෙයි

colombotoday

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

නම් දුන්නේ 1 යි. ප්‍රතිපලය 60 යි. රනිල්ගේ නම මැතිවරණ කොමිසමට බාර දෙමින් රංගේ බණ්ඩාර කියයි.

colombotoday