Colombo Today Local News

අධිකරණ ඇමති දැඩි තීරණයක් ගනී !

මෙරට ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරු අවශ්‍ය නොවන බව ද එසේ පැමිණෙන විනිසුරුවරුන් භාර ගන්නේ නැතැයි ද අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියි.

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බළකාය විසින් ජනවාරි 03දා එළිදැක්‌වූ වාර්තාව සම්බන්ධව ‘දිවයින’ පුවත්පත කළ විමසීමේදී රාජපක්‍ෂ මහතා ඒ බව සඳහන් කර තිබේ.

යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පරීක්ෂා කෙරෙන අධිකරණ යාන්ත්‍රණයට එක් විදේශීය විනිසුරුවකු හෝ සම්බන්ධ විය යුතු බවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් යුතුව ක්‍රියාත්මක වූ සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය නිර්දේශ කර තිබිණ.

අධ්‍යයනය කළේත් නැ – පිළිගන්නේත් නැ :

මේ සම්බන්ධව අප කළ විමසීමේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

“අපි සූදානම් නෑ විදෙස්‌ විනිසුරුවරුන් පිළිගන්න. මම ඔය කියන වාර්තාව තවම අධ්‍යයනය කළේ නැ. කොහොම වුණත් ආණ්‌ඩුවේ පැහැදිලි ස්‌ථාවරය තමයි ජාත්‍යන්තර විනිසුරුවරුන් භාර ගන්නේ නෑ කියන එක.

අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුවත් ඒ සඳහා ප්‍රතිපාදන නෑ. දෙවනුව අපේ රටේ අධිකරණය හෑල්ලු කරන්න, බාල්දු කරන්න අපට බැහැ. ලෝකයේ ඕනෑම රටක විනිසුරුවරුන් සමඟ සමකළ හැකි විනිසුරුවරුන් අපේ රටේ ඉන්නවා.

ඒ නිසා අපේ ප්‍රශ්න නිරාකරණය කරන්න විදෙස්‌ විනිසුරුවරු ඕනෑ නෑ. ඒ සඳහා අපි ඉඩ දෙන්නෙත් නෑ.”

ස්ථාවරයේ වෙනසක් නැහැ :

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පවසන්නේ, ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන පරීක්ෂා කරන විනිසුරු මඬුල්ල සඳහා විදේශීය විනිසුරන්ගෙන් සමන්විත ‘හයිබ්‍රිඩ් උසාවියක්’ පිහිටුවීම පිළිබඳව එහි කොමසාරිස්වරයාගේ ස්ථාවරයේ වෙනසක් සිදුවී නැති බවයි.

එම කොමිසම ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රතිචාර දක්වා තිබුණේ එවැනි විනිසුරු මඬුල්ලක් සඳහා එක් විදේශීය විනිසුරුවකුවත් අසුන් නොගන්නා බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙනි.

Related posts

යහපාලනය අසාර්ථකයි.. භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න – ත්‍රෛනිකායික මහ සගරුවන සහ සියලු ආගමික නායකයන් යෝජනා කරයි..

colombotoday

“ශ්‍රීපාදය සර්වාගමික අච්චාරුවක් නොවේ.. ආදම්ගේ පාදයක් මෙහේ නෑ“ එල්ලාවල මේධානන්ද හිමි

colombotoday

නිවසක් තුල තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක් සමග පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් අත්අඩංගුවට

colombotoday

සලිඳුට උණ්ඩියල් ක්‍රමයට රු. කෝටි 2 ක් යවන්න හැදූ සැකකරු මාට්ටු

colombotoday

සරසවි සිහිනය සැබෑ කරන කඩයිම් ලකුණු මෙන්න

colombotoday

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට

colombotoday