Colombo Today Local News

ජනපතිට බැරිනම් රුසියාවෙන් අඩු මිලට තෙල් ගේනවා – ඩිව් ගුණසේකර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය කාර්යභාරය කිරීමට නොහැකි නම් එය තමා ඇතුළු තම පක්ෂය කිරීමට සුදානම් බවත් රුසියාවේ ආණ්ඩු පක්ෂය සමග සාකච්ඡා කර මෙරටට අවශ්‍ය ඉන්ධන අඩු මිලට ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර පවසයි.

ආණ්ඩුව මෙම කාර්යභාරය නොකරන්නේ නොහැකියාව නිසා නොව ඇමරිකාවට ඇති බිය නිසා බව ද සභාපතිවරයා සඳහන් කරයි.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල එම පක්ෂ කාර්යාලයේ ඊයේ (05 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

අද වනවිට ශ්‍රී ලංකාව පාලනය කරන්නේ ඇමරිකන් තානාපතිනි ජුලි චුන්ග් බවත් රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ඇයගෙන් මෙතෙක් අවසර ලැබී නොමැති බවත් හෙතම කියයි.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය සුජාත භාවයක් තිබුණ ද දේශපාලන සුජාතභාවයක් නොමැති බව පැවසු සභාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුවේ පමණක් ගෝඨාභය රාජපක්ෂ ජනපති වී සිටින බව ද පැවසිය.

Related posts

හෝමාගම, පිටිපත භූගත කසිප්පු ස්කාගාරය වටලයි | කසිප්පු කළුවා අත්අඩංගුවට

colombotoday

තිදෙනෙකු ගමන්ගත් යතුරු පැදිය ටිපර් රථයේ ගැටී දෙදෙනෙක් මරුට

colombotoday

ගිනිගත් තෙල් නැව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාම ගැන නීතිපති ගේ අවධානය

colombotoday

සහරාන් මිතුරු අලි සහීර් මවුලානා දර්ගා නගරයේ තාරික් ඇමට දී රට ගිනි තියන්න හදයි

colombotoday

රිලවුන් රට පටවන යෝජනාව යලි

Admin

හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අද අවසන් ගමන් යයි.

colombotoday