Colombo Today Local News

ඉන්දියානු ව්‍යාපාරිකයන්ට ආයෝජන ප්‍රවර්ධන ඇමැතිගෙන් වසර 05කට වීසා

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල නිරත ඉන්දියානු ව්‍යාපාරිකයන්ට වසර 05ක කාලයක් සඳහා වීසා පිරිනමා ඇත.

කොළඹ ඉන්දියානු තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල නිරත ප්‍රමුඛ පෙ⁣ළේ ඉන්දීය ව්‍යාපාරිකයන් සඳහා මෙලෙස පස් අවුරුදු වීසා පිරිනමන ලද බවයි.

මෙය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමේ පහසුව ඉහළ නැංවීම සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉවහල් වන පියවරක් බවද මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

මේ අතර මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ පසුගිය සතියේ වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු හමුවී තිබේ.

වෙළෙඳ පරිමාව ඉහළ නැංවීම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ සබඳතා සඳහා වේදිකාවන් නිර්මාණය කිරීම ඇතුළු ද්විපාර්ශ්වික වෙළෙඳාමට අදාළ විවිධ කරුණු මෙහිදී සාකච්ඡා කර ඇත. දැනට ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියනයක ණය සහනය යටතේ මෙරට දරුවන් වෙනුවෙන් කිරිපිටි ආනයනය කිරීමේ වැඩසටහනක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

Related posts

කෝට්ටේ සංඝ සභාවත් අලුත් ව්‍යවස්ථාවක් එපා කියයි ! (Video)

colombotoday

අරක්කු මිල ඉහළට

Admin

“උතුරු-නැගෙනහිරත් තර්ජණයට ලක්වෙලා… ආරක්ෂාව තරකර දෙන්න” – TNA ඉල්ලයි

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday

බැඳුම්කර ගැසට්‌ පත්‍රයට මහින්දගේ නම යෙදූ නිලධාරීහු දත්ත විනාශ කිරීමේ වෑයමක

colombotoday

වෛද්‍ය සාෆිගේ පෙත්සම විසිවෙයි

Admin