වැල්ලවත්ත වෙරළාරක්ෂක කඳවුර ආසන්න මුහුදු වෙරළේ තිබී පිරිමි පුද්ගලයෙකු මළ සිරුරක් හමුව තිබේ.
මිය ගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත.
අද උදෑසන මළ සිරුර සොයා ගෙන ඇත්තේ, වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් මතයි.
අවරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන මිය ගිය පුද්ගලයාගේ සිරුරෙහි තුවාල කිසිවක් ඇති බවට නිරීක්ෂණය නොවන බව පොලිසිය පවසයි.