Colombo Today Local News

ව්‍යාජ අංක තහඩු ගහන් ඉන්ධන පෝලිමට ආ අයෙකුට වැඩ වරදී

මෙරට ලියාපදිංචි වී නොමැති අංකයක් සහිත යතුරු පැදියකට තෙල් මිලදී ගත් පුද්ගලයෙකු අඟුණකොළපැලැස්ස පොලිසිය පෙරේදා (23 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

අඟුණකොළපැලැස්සේ පදිංචි 20 හැවිරිදි තරුණයකු මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අඟුණකොළපැලැස්සේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් මෙම තරුණයා තෙල් ලබාගෙන ඇති අතර පිරවුම්හලේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින්ට ඔහු ගැන සැක සිතී පරීක්ෂා කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ තෙල් ලබාගත් යතුරුපැදියේ අංකය මෙරට ලියාපදිංචි වී නොමැති අංකයක් බවයි.

මේ අතර ව්‍යාජ අංක තහඩු සවිකරගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරු පැදිකරුවකු පෙරේදා (23 වැනිදා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. සැකකරු සමග ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියද අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළ අසල පිහිටි ඉන්ධන පිරවුම්හළට පැමිණ සිටියදීය.

Related posts

මම ශ්‍රීලනිපයයි ආණ්ඩුවයි දෙකම ශුද්ධ කරනවා – ජනපති කියයි

colombotoday

අක්‍රමිකතා ගැන අහන්න ආයතන තුනක ප්‍රධානීන් කෝප් කමිටුවට කැඳවයි

Admin

යාපනේට සිංහල වානා.. සිංහල ජනතාවට නිකුත් කළ අනන්‍යතා පතේ සිංහල වචනයක්වත් නෑ !

colombotoday

එජාප පොළොන්නරුව සංවිධායකයා රිමාන්ඩ්

colombotoday

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නිදහස්

colombotoday

බිස්කට් පැකට්ටුවක් දී පනින්න හැදූ කුඩු ජාවාරම්කරුට වැඩ වරදී

colombotoday