Colombo Today Local News

2021 සාමාන්‍ය පෙළට අයදුම්පත්‍ර භාරගැනීම දීර්ඝ කෙරේ

2021 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ අවසන් දිනය ලබන මස 03 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සදහන් කරන්නේ ඒ අනුව මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි වෙත පිවිස අදාළ උපදෙස් අනුව නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත්‍ර යොමුකළ යුතු බවයි.

එසේම විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වෙත පිවිසීමෙන්ද අයදුම්පත්‍ර යොමුකළ හැකි ය.

උක්ත විභාගය සඳහා රජයේ පාසල් සිසුන්, අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත ගොස් දැනටමත් ලබාදී ඇති යූසර්නේම් හා පාස්වර්ඩ් භාවිතයෙන් අයදුම්පත්‍ර යොමුකළ යුතුයි.

පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතුවේ.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ අනතුරුව එහි මුද්‍රිත පිටපතක් අවශ්‍ය අවස්ථාවක ඉදිරිපත් කිරීම සඳහා තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතු බවයි.

Related posts

පොලිස් පුතෙක් කෝටියක කුඩු සමග මාට්ටු. යහපාලන කාලයේ කොටුවුණාම සී.අයි.ඞී. හිටපු ලොක්කෙක් ෂේප් කරලා.

colombotoday

බොදු බල සේනාව තහනම් කරන්න – නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක් !

colombotoday

මෙගා ඩීල් බොරු අතේ පත්තු වෙලා. චම්පික, අනුර ගලේ පහරපු බළලුන් ගානට වැටිලා – ගම්මන්පිල

colombotoday

රුසියානු ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට !

colombotoday

ජනමතවිචාරණයක් එයි.. මෛත්‍රී – රනිල් හවුල 2025 දක්වාම ආණ්ඩුකරන යෝජනා ඇතුළත්කර ව්‍යවස්ථාව සම්මතකරගන්න යයි !

colombotoday

දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ

colombotoday