Colombo Today Local News

දින 5ක් තුල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 440,000 ක් බෙදාහැර අවසන්

ලිට්‍රෝ ගෑස් සමාගම පසුගිය 11 වැනිදා සිට අද (15) දක්වා දින පහ තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 440,000 ක් බෙදාහැර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (15)දින පැවසීය.

අද දිනයේ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000 ත් ලක්‍ෂයත් අතර සංඛ්‍යාවක් නිකුත් කිරීමට නියමිත බව කී කේතේෂ්වරම් මහතා ගෑස් සැපයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් සමාගම දින 40 කට ආසන්න කාලයකට පසුව පසුගිය 11 වැනිදා කොළඹ නගර සීමාවෙන් ගෑස් සැපයුම ආරම්භ කළ අතර ශ්‍රී ලංකාව පුරා මේ වන විට ගෑස් බෙදාහැරීම ක්‍රියාත්මක වේ.

Related posts

රෝයල් පා‍ර්ක් නඩුවේ ජනාධිපති සමාවට මැදිහත් වූ නීතීඥවරිය මාලිමා වේදිකාවේ

Admin

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

colombotoday

STF 39 වන රණවිරු ගුණ සැමරුම අද

Admin

ආණ්ඩුව ජනතාවට කරන්ට් වද්දවලා

Admin

ව්‍යවස්ථා සංශෝධනයේ සැබැ අරමුණ : ‍රටේ ඒකීයභාවය සහ සම්බුදු සසුන පාවාදීමද?

colombotoday

මැතිවරණ කොමිශන් සභාවේ සාමාජික හූල්ට පොදුජන පෙරමුණෙන් පැමිණිල්ලක්

colombotoday