Colombo Today Local News

රත්ගම සැකකටයුතු මළ සිරුරු දෙකක්

රත්ගම පොලිස් වසමේ සැකකටයුතු ලෙස පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (06) දිනයේ දී එම මරණ දෙක සිදුව ඇත.

රත්ගම, රූපිවල, ප්‍රජා මණ්ඩලය අසල නිවසක් තුළ තනිව පදිංචිව සිටි කාන්තාවක් ලේ පැල්ලම් සහිතව සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට රත්ගම පොලීසියට ලද තොරතුරු මත විමර්ශන ආරම්භ කර තිබේ.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 75ක් වන විජිතහෙල, රූපිවල, බුස්ස යන ලිපිනයේ පදිංචිකාරියකි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත.

මේ අතර, ඊයේ උදෑසන 8.50ට පමණ රත්ගම, කෝවිල වත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට ද රත්ගම පොලීසියට තොරතුරු ලැබී ඇත.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වන පහළවත්ත, මලිදුව, බුස්ස යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ බඩ ප්‍රදේශයේ කැපුම් තුවාලයක් දක්නට ඇති අතර, එය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පොලීසිය විමර්ශන කටයුතු සිදුකරයි.

එම මරණ දෙක පිළිබඳ ව ම රත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

පාර්ලිමේන්තුවට අලුත් පුටු මිළදී ගැනීම : කතානායකගෙන් නිවේදනයක්

colombotoday

සියලු රජයේ පාසල් ලබන සඳුදා සිට බදාදා දක්වා නිවාඩු…

colombotoday

ආර්ථික වර්ධන වේගය 2.9%කට ඇද වැටේ…

colombotoday

පරිසර අමාත්‍යාංශයට නීති නිලධාරියෙකු නැහැ.. මාස පහක සිට අභියාචනා විභාග කිරීම ඇණහිටලා..

Admin

නවක සිසුන්ට පිළුණු වූ ආහාර දුන් පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්..

Admin

පොලිස් නිලධාරින් හප්පා පලාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

colombotoday